ස්කොට්ලන්තයේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය හරහා සිදුවන පින්කම්.

පින්වතුනි, 2025 ජනවාරි මස සිට ආරම්භ වූ මේ පින්බිම ඇසුරු කරමින් ඔබට දුර්ලභ පින් රැස්කරගන්නට අවස්ථාව උදා වී තිබෙනවා.
  1. සෑම මසකම පළමුවන ඉරුදින උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා පැවැත්වෙන සීල භාවනා වැඩසටහන.
  2. සෑම මසකම පළමුවන ඉරුදින උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා පැවැත්වෙන ළමා සීල භාවනා වැඩසටහන.
  3. සෑම මසකම දෙවන තෙවන සහ හතරවන ඉරිදා දිනවල උදෑසන 8.20 සිට දහවල් 11.15 දක්වා පැවැත්වෙන Online දහම් පාසල.
    ලියාපදිංචි වීමට පිවිසෙන්න. https://meditationscotland.uk/dhamma-school/
  4. සෑම දිනකම බුදුරජාණන් වහන්සේටත් වැඩසිටින සංඝරත්නයටත් උදෑසන දානයත් දහවල් දානයත් පූජා කිරීමට අවස්ථාව.
    දාන වාරයක් බාරගැනීම සඳහා පිවිසෙන්න.
    https://meditationscotland.uk/alms-giving
  5. සෑම දිනකම සවස 6.30 සිට 7.30 දක්වා සවස බුද්ධ වන්දනාවට ඔනෑම කෙනෙකුට සම්බන්ධ වන්නට පුලුවන්.
  6. බ්‍රහස්පතින්දා දින සවස 6.30ට බුද්ධ වන්දනාව සමඟින් භාවනා වැඩසටහන පැවැත්වේ. නිදහස් පරිසරයක ඔබට භාවනා කරන්නට අවස්ථාවක්!
  7. සෑම ඉරුදිනකම රාත්‍රී 8.00 සිට 9.00 දක්වා  ”මාපිය සෙනෙහස” දහම් වැඩසටහන දරුවන් සිටිනා දෙමාපියන් වෙනුවෙන්ම සිදුකරනා වැඩසටහන. මෙය මෙවැනි රටකදී දරුවන්ට සැබෑ සෙනෙහස දක්වන්නේ කෙසේදැයි සාකච්ඡා ස්වරූපයෙන් සිදුකරන උපදේශණාත්මක වැඩසටහනක්.
    Join Zoom Meeting https://mahamevnawa.zoom.us/j/84392404089?pwd=5IOxSAVi4y62FOe9lemCvSVh7ll6H5.1
    Meeting ID: 843 9240 4089 Passcode: 077223
  8. නේවාසික භාවනා පුහුණු වැඩසටහන් (වැඩසටහන් දිනයන් පිළිබඳව භාවනා මධ්‍යස්ථානයෙන් විමසන්න)
  9. ප්‍රධාන නගරයන් හී මහා සංඝරත්නය වැඩමකරවාගෙන ධර්ම දේශනා වැඩසටහන් සහ දහම් පාසල් පවත්වන්නට සැලසුම් සිදුකෙරෙනවා. (ඔබේ නගරයේ පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව දැනගැනීමට භාවනා මධ්‍යස්ථානයෙන් විමසන්න)
  10. වෙසක් පුණ්‍ය මහෝත්සවය සෑම වසරකම බොහෝම ගෞරවයෙන් සිදුකරනා ප්‍රධානම පින්කමයි. වෙසක් පින්කම,  සීල වැඩසටහන, දන්සැල, ළමා බැති ගී, වෙසක් කූඩු ආදී නොයෙක් අංගයන්ගෙන් සමන්විතයි. 2025 වසරේ වෙසක් පින්කම මැයි 11-12 දිනයන්හි පැවැත්වේ.
  11.  “Meditate With a Monk” ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන භාවනා පුහුණුව සතිපතා සෑම බ්‍රහස්පතින්දා දිනකම පැවැත්වීමට නියමිතයි‍. (ස්වදේශිකයන් සඳහා)
  12. “Buddhism for Happiness”ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශණාව සහ ධර්ම සාකච්ඡාව. (ස්වදේශිකයන් සඳහා)
  13. ඒ වගේම Online තාක්ෂණයෙන් සෑම සතියේ දිනකම උදෑසන 5.45 සිට 6.15 දක්වා භාවනා වැඩසටහනක් පැවැත්වේ. (මෙහෙයවන්නේ Mahamevnawa Meditation Centre – London)
    Join Zoom Meeting: https://us02web.zoom.us/j/82304180580
    Zoom Meeting ID: 823 0418 0580
  14. සෑම පොහෝ දිනකම සිදුකරන වන්දනාව
  15. උතුම් බෝධින් වහන්සේ මේ පින්බිමට වැඩමකළ පසු සෑම සති අන්තයක දීම පැවැත්වෙන බෝධි වන්දනාවට සම්බන්ධ වන්නට පුලුවන්.
  16. ගිහිජීවිතය ගතකරන නමුත් ඔබට පමණක් සිදුකරගන්නට ලැබෙන දුර්ලභ පිනක් වන මේ පින්බිමේ ආලෝක පූජාවට සම්බන්ධ වන්නටත් පුලුවන්.
    මේ පින්බිමේ ආලෝකය සහ උණුසුම ලබාදෙමින් බුදුසසුනේ දියුණුව සලසන්නට එකතුවී පින්රැස්කරගන්නට ලැබුන මේ අවස්ථාව සම්බන්ධ වන්නට පිවිසෙන්න.👇  https://meditationscotland.uk/donate/

Contact Us

International Meditation Centre - Scotland Fairlie House, Kirkton Court, Kirriemuir DD8 4JT

email: mimcscot@gmail.com
phone: +44 (078) 1830 5734

AncoraThemes © 2025. All Rights Reserved.