එක්සත් රාජධානියේ මහමෙව්නාව දහම් පාසල | Mahamevnawa Dhamma School UK
Mahamevnawa Dhamma School UK Logo

එක්සත් රාජධානියේ මහමෙව්නාව දහම් පාසල

Mahamevnawa Dhamma School UK

Logo
එක්සත් රාජධානියේ විශාලතම දහම් පාසල | The Largest Dhamma School in the UK

එක්සත් රාජධානියේ මහමෙව්නාව අසපුව යටතේ ක්‍රියාත්මක වන සියලුම ශාඛා එකතුවී පවත්වනු ලබන මෙම දහම් පාසල එක්සත් රාජධානිය තුළ ක්‍රියාත්මක වන විශාලතම දහම් පාසලයි.

Our Global Dhamma Family

🌐 එක්සත් රාජධානිය සහ ලොව පුරා විසිරී සිටින ගුරු-සිසු එකමුතුව

ලොව පුරා විසිරී සිටින දරුවන්ට එකට එකතු වී, සත්පුරුෂ කල්‍යාණ මිතුරන් (Noble Friends) ආශ්‍රය කරමින් ධර්මයේ හැසිරීමට ලැබෙන අනගි භාග්‍යයකි.

👨‍🏫 ගුරු මණ්ඩලයේ සහභාගීත්වය:

එක්සත් රාජධානියේ සහ යුරෝපයේ සිටින ඉතාමත් දක්ෂ, දහම් දැනුමෙන්, චර්යාවෙන් හා විනයෙන් හෙබි ප්‍රවීණ ගුරුභවතුන් හා ස්වාමීන් වහන්සේලා මෙම දහම් පාසලට සක්‍රීයව දායක වෙති.

👧‍👦 සිසු දරුවන්ගේ සහභාගීත්වය (Global Student Community):

එක්සත් රාජධානිය පුරා ජීවත්වන දරුවන්ට අමතරව, Australia, Canada, Denmark, Dubai (UAE), Finland, France, Germany, Italy, Japan, Sri Lanka, Switzerland ඇතුළු ලොව පුරා රටවලින් දරුවන් සම්බන්ධ වෙති.

පින්වත් මව්පියන් වෙත සෙනෙහසින්

💌 ඔබේ දරුවාගේ සදාකාලික සැනසීම වෙනුවෙන් කෙරෙන ආදරණීය ආයාචනය

ලෞකික විභාග සමත්වීමට පමණක් නොව, ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටින සැබෑ මනුෂ්‍යයෙකු වන්නට දරුවාට පාර පෙන්වන්න.

❤️ ඔබේ දරුවාගෙන් ඔබ කරන සැබෑ ඉල්ලීම කුමක්ද?

බොහෝ දෙමාපියන් දරුවන්ට කියන්නේ "පුතේ, හොඳට ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න" කියාය. නමුත් එයින් පමණක් ජීවිතය සාර්ථක වේද? විදේශ රටවල හැදෙන දරුවන් යොවුන් වියේදී හිතුවක්කාර වී, විභාග පීඩනය හමුවේ Depression (විශාදය) වැළඳී ජීවිතය අතරමං කරගන්නේ ඇයි? ඒ සිත පාලනය කරගන්නා ධර්මයේ රැකවරණය කුඩා කල නොලැබුණු නිසාය.

දෙමාපියන් ලෙස ඔබේ හදවතේ තිබිය යුතු උතුම් ප්‍රාර්ථනාව:

"අනේ පුතේ, ඔයා මේ ලෝකයේ හොඳ ගුණගරුක මනුස්සයෙක් වෙන්න. යහපත් දේ කරලා මෙලොව සුවසේ ජීවත් වෙන්න. මරණින් මතු සුගතියක ඉපදෙන්න. අවසානයේදී සසර දුක් නිවාගෙන උතුම් නිවන් සුව සාක්ෂාත් කරගන්න."

🙏 නොහඳුනන ඔබේ දරුවා වෙනුවෙන් ගුරුවරුන් 30ක් මෙසේ කැපවෙද්දී, ඔබේ යුතුකම කොතැනද?

අපේ දහම් පාසලේ ගුරුභවතුන් 30 කට අධික පිරිසක් සහ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සතිපතා දහම් පාසල වෙනුවෙන් කැපවෙති. ඔවුන් මේ සේවය කරන්නේ ශත පහක වැටුපක් නොගෙන සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙනි. තමන්ගේම සති අන්ත විවේකය පසෙකලා, ඔවුන් මේ දහඩිය මහන්සිය හෙළන්නේ තමන් පෞද්ගලිකව හඳුනන්නේවත් නැති ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙනි!

පිටස්තර ගුරුවරුන් ඔබේ දරුවා වෙනුවෙන් මෙතරම් කැපවෙද්දී, තමන්ගේම ලෙයින් උපන් දරුවා වෙනුවෙන් සතියකට පැය 2ක් වෙන් කර දහම් පාසලට එක්කරගෙන ඒම දෙමාපියන් වන ඔබගේ පරම යුතුකම නොවේද?

නැණවත්ව සිතා බැලිය යුතු සත්‍යය

💎 මේ රටේ සැබවින්ම දුර්ලභ, මුදලට ගත නොහැකි එකම දේ කුමක්ද?

මේ රටේ ඕනෑ තරම් ඇති, දුර්ලභ නොවන දේ:
  • ඉංග්‍රීසි භාෂාව: පාසලෙන්, රූපවාහිනියෙන්, සමාජයෙන් දරුවාට නිරන්තරයෙන්ම ලැබේ.
  • ක්‍රීඩා සහ විනෝදය: Swimming, Cricket, Football පන්ති හෝ Weekend Trips මේ රටේ ඕනෑම තැනක ඕනෑ තරම් තිබේ.
  • ලෞකික විෂය දැනුම: මුදල් ගෙවා ඕනෑම තැනකින් Tuition පන්ති හරහා ලබාගත හැක.

* ළමයෙකුට Swimming බැරි වුණොත්, එයාට වයස 20 දී විශ්වවිද්‍යාලයේදී වුවද මාස 2 කින් එය ඉගෙන ගත හැක!

මේ රටේ අතිශයින්ම දුර්ලභ එකම දායාදය:
  • බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මය: සසර දුකින් මිදෙන, ජීවිතයේ ප්‍රශ්න හමුවේ නොසැලී සිටින දහම් මඟ මේ රටේ පාසල්වලින් හෝ බාහිරින් කවදාවත් නොලැබේ.
  • මව්බස හා උතුම් සාරධර්ම: මුතුන්මිත්තන් කතා කළ උතුම් සිංහල භාෂාව, මව්පිය ගෞරවය මේ රටේ පරිසරයෙන් උගන්වන්නේ නැත.
  • සැබෑ සැනසීම: විභාග පීඩනය සහ මානසික ආතතිය හමුවේ සිත සනසන භාවනාව වෙන කොහෙන්වත් නොලැබේ.

* කුඩා කල මඟහැරුණු ධර්මයේ රැකවරණය විශ්වවිද්‍යාල කාලයේදී නැවත ලබාගත නොහැක!

වයස හා දැනුම මට්ටම අනුව පන්ති කාණ්ඩ

🎓 දහම් පාසලේ පන්ති පවත්වන ක්‍රමවේදය (Class Levels)

දරුවාගේ වයස සහ දහම් දැනුම මට්ටම අනුව කිසිදු දරුවෙකුට පීඩනයක් නොවන සේ පන්ති කාණ්ඩ වෙන්කර ඇත:

🧸 Reception Class

වයස අවු. 3–5 සිඟිත්තන් වෙනුවෙන්ම වෙන්වූ පන්තිය. ආදරයෙන් සෙල්ලමෙන් විහාරස්ථානයට, බුදුරුවට, ගුරුවරුන්ට සහ සරල වන්දනාවලට හුරු කෙරේ.

🌱 Beginner Classes

කුඩා වයසේ දරුවන් සඳහා මූලික ගාථා, පන්සිල්, බුදුගුණ, සරල දහම් කතා සහ සිංහල හෝඩියේ මූලික අකුරු ඉගැන්වීම සිදු කෙරේ.

🌿 Intermediate Classes

වයස අවු. 10-12 ප්‍රමාද වී පැමිණෙන දරුවන්ට පවා කිසිදු චකිතයක් ඇති නොවන සේ සති 10ක විශේෂ දහම් ප්‍රවේශය සමඟ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ධර්මය උගන්වයි.

🌳 Advanced Classes

වැඩිමහල් දරුවන් සඳහා සූත්‍ර ධර්ම, ගැඹුරු දහම් කරුණු, භාවනා අභ්‍යාස සහ ජීවිතයට ධර්මය ගළපාගන්නා ආකාරය පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් ලබාදේ.

🔄 Beginner සහ Intermediate කාලසටහන් එකිනෙකට ටැලි (Tally) වීමේ වාසිය:

Beginner සහ Intermediate පන්තිවල කාලසටහන් සමාන්තරව එකට ගැළපේ. උදාහරණයක් ලෙස, වයස අවුරුදු 11ක දරුවෙකුට Intermediate පන්තියේ සිංහල භාෂාව අමාරු නම්, ඒ පීරියඩ් එකේදී ඔහුට කිසිදු බාධාවකින් තොරව Beginner පන්තියේ මූලික සිංහල අකුරු පාඩමට හෝ ඉංග්‍රීසි ධර්ම පාඩමට මාරු විය හැක. දරුවාට කිසිදු චකිතයක් ඇතිවන්නේ නැත!

ව්‍යුහගත විෂය සැලැස්ම

📊 මාසික ප්‍රධාන තේමා සැලැස්ම (Monthly Topics Syllabus)

අපගේ බුද්ධ ධර්මය සහ අපේකම කාල පරිච්ඡේද පැවැත්වෙන්නේ සකස් කළ මාසික ප්‍රධාන තේමාවන් මූලික කරගනිමිනි:

මාසය (Month) ධර්මය (Dhamma Focus) අපේකම (Heritage Focus)
September ශ්‍රද්ධාව ගුණධර්ම
October ශ්‍රද්ධාව ගුණධර්ම
November ශ්‍රද්ධාව ගුණධර්ම
December ශ්‍රද්ධාව ගුණධර්ම
January භාවනා ගුණධර්ම
February භාවනා සජ්ඣායනා
March සීල / ත්‍යාගය සජ්ඣායනා
April සීල / ත්‍යාගය සජ්ඣායනා
May සීල / ත්‍යාගය ස්ථාන / චරිත / දින
June දහම් දැනුම ස්ථාන / චරිත / දින
July දහම් දැනුම ස්ථාන / චරිත / දින
උපතේමා සහ ප්‍රායෝගික අංග

🪷 මාසික ප්‍රධාන තේමාවන් යටතේ උගන්වන උපතේමා (Sub-topics)

ඉහත දැක්වූ ප්‍රධාන තේමාවන්ට අනුගතව දරුවාගේ සිත, කය, වචනය මෙන්ම නිර්මාණශීලීත්වය ඔපමට්ටම් කරන උපතේමා ගණනාවක් ආවරණය කෙරේ:

ශ්‍රද්ධාව හා වන්දනාව
බුදුගුණ Dhamma : දහම්ගුණ සඟගුණ බුද්ධ චරිතය විශේෂ ස්ථාන චරිතකථා Verses : ගාථා Chanting : පිරිත් Poetry : කවි
🧘 සිත සහ ප්‍රඥාව
Metta : මෙත්සිත Mind : සිත Wisdom : දහම් දැනුම භාවනා අභ්‍යාස
💎 සාරධර්ම හා චරිතය
Giving : දානය Virtue : සීලය Gratitude : කෘතගුණ Respect : ගෞරවය Habits : සිරිත් Speech : වචන
🎨 කුසලතා, උරුමය හා සොබාදහම
Creativity : අත්කම් Festivals : උත්සව Nature : පරිසරය අපේකම
නිල කාලසටහන සහ මධ්‍යස්ථාන

📅 Online පන්ති සහ Physical සීල සමාදාන වැඩසටහන් දින

💻 Online Classes (Zoom Schedule)

දින: සෑම මාසයකම 2, 3 සහ 4 වන ඉරිදා දිනවල

පන්ති වේලාව: පෙ.ව. 8:20 සිට පෙ.ව. 11:15 දක්වා

🎭 "පුංචි වේදිකාව" (Punchi Vedikawa):

පෙ.ව. 11:25 සිට දහවල් 12:00 දක්වා ළමුන්ගේ ගාථා සජ්ඣායනා, ජාතක කතා හා අත්කම් නිර්මාණ ඉදිරිපත් කිරීම පැවැත්වේ.

❤️ "මාපිය සෙනෙහස" දෙමාපිය වැඩසටහන (Mapiya Senehasa):

ඉරිදා පස්වරු 8:00 සිට පස්වරු 9:00 දක්වා ස්වාමීන් වහන්සේලා මෙහෙයවන විශේෂ දෙමාපිය උපදේශන වැඩසටහන.

🏛️ In-Person Sil Program (මාසික ළමා සීල සමාදානය)

මාසයකට එක් දිනක් පන්සලේදී/අසපුවේදී සීල සමාදානය හා භාවනා වැඩසටහන පැවැත්වෙන නිශ්චිත දින හා ශාඛා:

• මාසයේ පළමු ඉරිදා (1st Sunday): Basildon, Stanmore, Liverpool, Cardiff, Scotland (Dundee)
• මාසයේ 1 වන හෝ 2 වන සෙනසුරාදා (1st or 2nd Saturday): Rugby
• මාසයේ 3 වන සෙනසුරාදා (3rd Saturday): Surrey, Oxford

* මාසික ළමා සීල සමාදාන වැඩසටහනට දරුවන් සහභාගී වීම අනිවාර්ය වේ (Mandatory Attendance).

🌟 විශේෂ ප්‍රායෝගික පින්කම්, භක්ති ගීත හා පෙරහැර මහෝත්සව (Practical Meritorious Seasons):

පහත දැක්වෙන ප්‍රධාන මාස 3 තුළදී Online දහම් පාසල පමණක් තාවකාලිකව විරාම ගැන්වෙන අතර, දරුවන්ට සජීවීව (Physical) පින්කම්වලට සම්බන්ධ වී ප්‍රායෝගික අත්දැකීම් ලැබීමට අවස්ථාව සලසා ඇත:

වෙසක් සමය (මැයි මාසය)

අසපුවල මහා වෙසක් පින්කම්, සීල භාවනා පැවැත්වෙන අතර, දහම් පාසල් දරුවන්ගේ වෙසක් භක්ති ගීත සංදර්ශන හා වෙසක් කලාප සජීවීව පැවැත්වේ.

කඨින සමය (ඔක්තෝබර් / නොවැම්බර්)

සෑම අසපුවකම මහා කඨින පින්කම් සහ කඨින මහා පෙරහැරවල් සංවිධානය වන බැවින්, දරුවන්ට උගත් ධර්මය ප්‍රායෝගිකව පුරුදු කිරීමට මහා අවස්ථාවක් ලැබේ.

වන්දනා සමය (අගෝස්තු මාසය)

පාසල් ගිම්හාන නිවාඩු සමයේදී දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් විශේෂ වන්දනා චාරිකා සහ එළිමහන් ආධ්‍යාත්මික වැඩසටහන් සංවිධානය කෙරේ.

දහම් පාසල් විනය සහ නීතිරීති

📜 දහම් පාසල් විනය, ආචාරධර්ම සහ දෙමාපිය වගකීම් (Rules & Etiquette)

🙏 ගෞරවාන්විත හැසිරීම (Respectful Conduct):

ස්වාමීන් වහන්සේලාට සහ ගුරුභවතුන්ට යටහත් පහත්ව ගෞරව දැක්විය යුතුය. ස්වාමීන් වහන්සේලාට ආමන්ත්‍රණය කිරීමේදී "පින්වත් ස්වාමීන් වහන්ස" සහ "අවසරයි" වැනි සුදුසු වචන භාවිත කළ යුතුය.

👔 ඇඳුම සහ වේලාවට වැඩ කිරීම (Attire & Punctuality):

පිරිසිදු සුදු ඇඳුම (White Uniform) අනිවාර්ය වේ. දියණියන්ගේ කොණ්ඩය පිටුපසට කර පිළිවෙලට බැඳ තිබිය යුතුය. පෙ.ව. 8:20 වන විට Zoom වෙත ලොග් විය යුතුය. ප්‍රමාද වන්නේ නම් දෙමාපියන් විසින් කලින් දැනුම් දිය යුතුය.

💻 Online පන්ති විනය (Online Etiquette):

තාක්ෂණික දෝෂයක් නැත්නම් Zoom කැමරාව දිගටම open කර තිබිය යුතුය. ගුරුතුමාගේ/තුමියගේ අවසරයකින් තොරව පන්තියෙන් ඉවත් වීම සහ Zoom Chat එකෙන් යහළුවන් සමඟ අනවශ්‍ය ලෙස කතා කිරීම (Chatting) සම්පූර්ණයෙන්ම තහනම් වේ.

📚 ගෙදර වැඩ සහ වගකීම (Google Classroom):

දරුවන් උනන්දුවෙන් ධර්මය ඉගෙනගත යුතුය. දහම් පාසලෙන් ලබාදෙන සියලුම ගෙදර වැඩ (Homework) Google Classroom හරහා වේලාවට නිම කිරීම සහ නිරීක්ෂණය කිරීම දෙමාපියන්ගේ හා සිසුන්ගේ වගකීමකි.

🕊️ යහපත් සදාචාර සම්පන්න හැසිරීම (Wholesome Behavior):

දරුවන් සැමවිටම ඇත්ත සහ ප්‍රියමනාප වචන කතා කළ යුතුය. පංචසීලය රැකීමට උත්සාහ කළ යුතු අතර, කල්‍යාණ මිත්‍රත්වය පැවැත්විය යුතුය. ශාරීරිකව හෝ මානසිකව අන් අයට හිංසා කිරීම (Physical or Mental Bullying) සම්පූර්ණයෙන්ම තහනම් වේ.

දෙමාපියන් නිතර අසන ප්‍රශ්න හා ගැටලු

❓ ඔබේ සිතේ ඇතිවන ගැටලුවලට සදහම් පිළිතුරු (Q&A)

දහම් පාසල Physical සීල සමාදානය පවත්වන්නේ මාසයකට එක දිනකි. ඒ සඳහා ඔබට පහසු පරිදි Basildon, Stanmore, Liverpool, Cardiff, Scotland (Dundee), Rugby, Surrey, Oxford යන මධ්‍යස්ථාන අතුරින් ආසන්නතම ස්ථානය තෝරාගත හැක.

ඉතිරි 2, 3 සහ 4 වන ඉරිදා දිනවල පෙ.ව. 8:20 සිට 11:15 දක්වා නිවසේ සිටම Online Zoom හරහා සම්බන්ධ විය හැක.

දුර ඈත සිටින අයට Online ඉගෙනගැනීම හැර විකල්පයකට ඇත්තේ දහම් පාසල් තිබෙන ප්‍රදේශයක් සොයා වාසස්ථානය මාරු කිරීම පමණයි. ගුරුවරුන් සතිපතා ඔබේ නිවසට පැමිණ ධර්මය උගන්වන්නේ නැත!

වැදගත් වන්නේ ධර්මය ලැබෙන මාධ්‍යය නොව, ලැබෙන පිරිසිදු බුදු දහමේ අගයයි. ලෝකයේ උසස්ම විශ්වවිද්‍යාල පවා Online ක්‍රියාත්මක වන යුගයක, මේ ලැබෙන මහා භාග්‍යයෙන් දරුවාට ප්‍රයෝජන ගන්න ඉඩ දෙන්න.

පාසලේදී ගුරුවරු ප්‍රශ්න අහද්දී ලැජ්ජයි කියා අපි දරුවාව පාසල් නොයවා තබනවාද? නැත! අනික අපේ දහම් පාසලේ Beginner සහ Intermediate පන්තිවල කාලසටහන් එකිනෙකට ටැලි (Tally) වේ. දරුවාට සිංහල අමාරු නම් ඒ වේලාවට පහළ පන්තියේ මූලික සිංහල අකුරු පාඩමට හෝ ඉංග්‍රීසි ධර්ම පාඩමට ක්ෂණිකව මාරු විය හැක.

නියත වශයෙන්ම පුළුවන! ඒ සඳහාම විශේෂිත වූ Reception (පෙරපාසල්) පන්තියක් අප සතුව ඇත. එහිදී දරුවන්ට කිසිදු පීඩනයක් නොදී, ආදරයෙන් විහාරස්ථානයට, බුදුරජාණන් වහන්සේ හඳුනාගැනීමට හා සරල ගාථා කීමට හුරු කරනු ලැබේ.

ට්‍රිප් එකක් යන්න තිබුණොත් පාන්දර 4ට නැගිටිනවා නේද? මව්පියන් ලෙඩ වුණොත් නිවාඩු බලන්නේ නෑ නේද? දරුවාට ඇත්තටම මහන්සි නම් වෙනත් දිනක වැඩිපුර නිදාගන්න ඉඩ දෙන්න. පාසල් නොගියා කියා නිරයේ යන්නේ නැත; නමුත් ධර්මය නොදැන සිත කිලිටි කරගතහොත් අපායේ යාමට සිදුවේ.

ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න (Contact & Registration)

ඔබේ දරුවා දහම් පාසලට ඇතුළත් කිරීමට හෝ වෙනත් තොරතුරු විමසීමට පහත සබැඳි හා අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න:

Logo

Mahamevnawa Dhamma School UK

එක්සත් රාජධානියේ මහමෙව්නාව දහම් පාසල